බොහෝ කලකට පෙර
අනාතව සැරු නැවක්
නැංගුරම් ලෑවේ
අනාරාධිතව

 

රුවල් ඉරිලා
වැරහැලි වූ දින
කැඩී තිබුණා
කුඹ ගහත් සයුර මැද

 

කුණාටුව නිමවී
පිළිසකර වූ නැව
දියත් වූවා
නැවත එමි කියාගෙන

 

නොදුන්නෙන් ඉඩක්
නැංගුරම් ලන්නට
පසුව ආ නැව් ගියේ
වෙන වරායන් සොයාගෙන
කාලයත් සමගම
සිතියමෙන් මැකී ගිය

මගේ හද

නැව් නොඑන වරායකි අද
 

ෂර්මිලා බංදුනී දංවත්ත