

ඇයි මේ තරම්
සුසුම් ලන්නේ
ශෝක වන්නේ
පුළුවන්ද දරන්නට
මේ තරම් කඳුළු මුහුදකට
රැළි නගයි ප්‍රේමයේ කඳුළු
නිහඬයි....බරයි...ගැඹුරුයි
මවුවරුන්ගේ කඳුළු
ඉඳහිටක හමායන කුණාටු
ඒ තමයි.
පියවරුන්ගේ කඳුළු
බින්දුවන් බින්දුව එක්වේලා
තැනුණා ට මුහුද
පිරිලා දැන් මුව විටට ම
ඉක්මවූවොත් වෙරළ ඉම
ගිලී යනු ඇත
දූපත් මෙන්ම මහද්වීප ද
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd