කුමරුන්ට මෙන්ම වැද්දාටද
ආලයක් නොතිබුණ
සංසාරගත වැරැද්දකි
තිදෙනාම එක මගක හමුවුණ
හිම ගිරක හෝ මැදුරක
පැතුවෙ නැති අග මෙහෙසි තනතුර
හිමි පෙමක් තියෙන්නැති
මටත් වෙන ඉසව්වක

බියපත් තැනදි ගැහැනිය
කලබලය හැටි එය
කඩුව හෝ කොපුව
නොදුන් බව සත්තය
ඉතිහාසය හඬනගයි
කියමින් චපලය
ඒ වනවිටත් හිටියෙ මම
වැටී මග සිහි විසඥවය


 

ෂර්මිලා බංදුනී දංවත්ත