නුඹ සමග ආ මග
තව මඳක් දුරට යමි
දොරටුව වැසුණු පසු
හැරී යායුතු බව දනිමි
මිදී කවුළුවෙන්
නුඹ පියාඹනු දකිමි
හුරු පුරුදු සුවඳක්
ගතේ දැවටෙනු හඟිමි


සෙමෙන් ආ බිම් කළුව
හදවතින් වැළඳගමි
හෙට පටන් උරුම ලොව
සුසුමකින් මැන බලමි
සුසානයෙ වැටෙන් පිට
සීත පාළුව විඳිමි
දෙදෙනෙකුගෙ මතක ගෙන
මම තනිව පිය නගමි

 

ෂර්මිලා බංදුනී දංවත්ත