
ලොකු සහෝදරයා පැමිණ
මුල් ම පාඩම කියා දුන් තැන
හෙට්ටිකන්දේ පාමු ඕවිටේ
ඉපල් අතු විතානය යට
දියපර කළුමැදිරිය ගස් පවා
ගන ඉඩෝරයෙ සුසුම් මුසු කරමින්,
එක මලක් වත් ඔහු නමින්
හෙළන්නට නොහැකි ව
කොඩ ව ගිය පත් එක දෙක
උණු හුළඟේ සලා ලූ ඒ
සූසාලිස් වසකට පෙරාතුව
සැන්දෑව
ඔහු ය පැහැදිලි කෙළේ අප හට
සැන්දෑව බලගතු බව,
සන්ධ්‍යාව වෙත එළැඹුම නව උදැහැන වෙත ගමනබව
මහා මධ්‍යාහ්නයේ කෙළවර
අරුණාලෝකය ය කියමින් ඔබ
තවමත් දැවි දැවී අඳුරු පත්ලෙකමෙ
අප ළෙහි ගිනිදැල් නො නිවා තබා ඇත
නන්දන වීරසිංහ
2025 ඔක්තෝබර් මස 08
1909
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොකු සහෝදරයා