
දොරකඩ
රතු මැයි ගස
අතු ඉති මල්
බිම හැලුවේ
එක විදිහකට
හරියට ම
ඊයේ රෑ ඔයා
අපේ මඟුල් පින්තූරය
බිම ගහපු විදිහට ම
අද උදේ
රාමුවෙන් පිට පැන්න අපි
හිටියේ
බිත්තිය ට පිට දීලා
නිරුවත්ව
ඒත්
ඵ් මුහුණුවල
තිබුණා හිනාවක්
පෙර නොතිබිච්ච
ආයෙම
රාමුවෙන්න අදහසක්
මගේ නෑ
ඔයාගෙත් එහෙම නේද
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd