
නිහඬ පොප්ලර් ගස් යට
හිම හඬන සීතලේ
වෘක බිරුමක් අතර
දැනී නොදැනී හීනියට
තැවරුණා ආදරේ
සති මාස ගෙවී ගොස්
ජීවිතේ ගිම්හානයෙත්
මකාගන්නට බැරව
කොළරා කාලෙත්
කළාආදරේ
කෙස් කැරලි සුදු වන තුරුත්
නහර වැල් දියවන තුරුත්
රිදුම් පිරිමැදුම් හදවතට බාරදී
ඇට මැස්සෙකුට මවාවී
වචනයට නොනැගුණා ආදරේ
කුදෙකුගේ වුවත්
කුදු නොවූ හදවතින්
ගල ගලා සෙනෙහස
තෙමා ඝණ්ඨාර පියසි මුදුනත
හඬ නැගුවා ආදරේ
මහද්වීපයෙන් මහද්වීපයට
සුවඳ හම හම
වදන් නැති හැඟුම් පිරි
මිහිරි ආදරේ
ෂර්මිලා බංදුනී දංවත්ත
2025 ඔක්තෝබර් මස 08
1899
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහද්වීපික ප්‍රේමය