
නිහඬ පොප්ලර් ගස් යට
හිම හඬන සීතලේ
වෘක බිරුමක් අතර
දැනී නොදැනී හීනියට
තැවරුණා ආදරේ
සති මාස ගෙවී ගොස්
ජීවිතේ ගිම්හානයෙත්
මකාගන්නට බැරව
කොළරා කාලෙත්
කළාආදරේ
කෙස් කැරලි සුදු වන තුරුත්
නහර වැල් දියවන තුරුත්
රිදුම් පිරිමැදුම් හදවතට බාරදී
ඇට මැස්සෙකුට මවාවී
වචනයට නොනැගුණා ආදරේ
කුදෙකුගේ වුවත්
කුදු නොවූ හදවතින්
ගල ගලා සෙනෙහස
තෙමා ඝණ්ඨාර පියසි මුදුනත
හඬ නැගුවා ආදරේ
මහද්වීපයෙන් මහද්වීපයට
සුවඳ හම හම
වදන් නැති හැඟුම් පිරි
මිහිරි ආදරේ
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd