මලක් වූ නිසයි
උරුමය පරවෙන්න
රළු පරළු අත් වල
තැලී පොඩි වෙන්න

කටුවක් වුණා නම්
නෑ හිතේ දුක මෙච්චර
කැලැල් විතරද උරුම
හැමදාම මව් ගසකට


ෂර්මිලා බංදුනී දංවත්ත