වැහිබර වලාවක හදවත
නවතා අසාගෙන සැප දුක
පා කර යවන්නට ඉඟිකොට
යායක දිගා වෙයි හිරු ඇස

තරුවක කතාවක පිටපත
කියවා දෙතුන්වර මැදියම
අවසන් මතක බණවර
කියා අහවර සඳවත

හිමිදිරියකින් නිදි හැර
ගසා ගෙනවිත් සුළඟට
වගා කළයුතු මල් ඇට
වහා ඉසලමි පොළොවට 

       නයෝමී අමරසිංහ