කාලි - ආදරේ කළාට ශිවට
ශිව බැන්දේ පාර්වතී

රාධා- පේ වුණාට ක්‍රිෂ්ණාට
ක්‍රිෂ්ණා අයිතිවුණේ  ලක්ෂ්මීට

කාශි - බිරිඳ වුණාම බජිරාවෝට
ලෝකයා කීවේ  හොර ගෑනි  මස්තානිට...

පාරෝ - ඉපදුණේ දේව් වෙනුවෙන් වුණාට
දේව් නැවතුණේ  චන්ද්‍රමුකී ගාව

මාධවී - මවක් වුණාට කෝවලන්ගේ ලෙයට
කෝවලන් නැවතුණේ අන්තිමට කන්නගී ගාව

ජීවිතේ බෙදාගත්තේ දෙන්නෙක් වුණාට
තව කෙනෙක් තනිවුණා ආදර කතාවල

ප්‍රේමය ඉපදුණේ හිතක වුණාට
විවාහය ලියවුණේ
සමාජෙට ඕනි විදිහට

මහ ලොකු ආදරේ හැමදාම වුණේ
එකෙක් විඳිද්දී අනෙකා විඳවන එක 


ධම්මි වෙල්ගම,
දික්හේනපුර ,
හොරණ.