සොඳුරිය...

පිබිදෙන්න ඒ සොඳුරු සිහිනයෙන්

නිමයි ඒ මිහිරැති රැය

එකම එක රැයකට

ලඝුකර මධුසමය

අර බලන්න අර

එබෙනවා කවුළුවෙන් ඉර

මේ කුටියෙන් පිටත

මඟ බලයි ජීවිතය

සොඳුරිය...

ප්‍රේමයම පමණක් මදිවේවි

දිනන්නට ඒ ජිවිතය

 

- ෂර්මිලා බංදුනී දංවත්ත -