හෙල්මැලි පතින් පත
කියවන බසට     රිසී
පවනැලි ඇවිත් සියොළඟ
දිය බිඳිති     ඉසී
සිහිලැලි මිතුරු කවියක
රිද්මයක්        ඇසී
හෙවනැලි පවා තුරු මත
සිට වැවට     බසී

  - නයෝමී අමරසිංහ