
මා අතැර මාගේ ආත්මය
වණ වදුළු තුල
ළපලු තුරු පත් අතුල
සුදු වැලි තලා මත
සැරිසරයි.........
ඇසෙන නොඇසෙන පවන් සර මැද
පිනි බිඳක් අතු මත ගැටෙන හඬ
දිය කඳුරු කොඳුරනා කෙඳිරිය
ගොළු වතින් සිට
සවන් දෙයි........
පාට වියකුණු පොතක පිටු මැද
මැකී යන දල අඳුරු පද තුර
මිහිරකට ලොබ බඳින නෙත් අග
සිනහ කඳුලක් ලෙසින් හැඩ
නතරවෙයි..........
නේක පිරිපත විඳ වුව
ගිලිහෙනා පතකින් ප්‍රකම්පික
හමා යන හිරිකඩක තෙත්බර
මාගේ ආත්මය
සිනාසෙයි.....
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd