කවුළුවෙන් එන සුළං රැල්ලෙන්
වන මලෙක සුවඳක් ඇහෙන කොට
පසු කරන් යන පතන බිම් මත
අඳුරු හෙවනැලි වැටෙයි කඳුවල

නැවතුමෙන් නැවතුමට දුම්රිය
උමතුවෙන් මෙන් හඬ නගන විට
කඳුකරෙන් එන සීත මීදුම්
සිතුවමෙන් පණ ගසයි වටපිට

සරතැසෙන් හරි අඩක් වහගෙන
රාත්‍රී කළුවර වඩින විට
කවියකින් ඉතිරිය වහන්නට
අකුරු එක එක ගලයි හෙමිහිට..

  නයෝමී අමරසිංහ