
ඉස්තරම් සිත්තරා
මැවූ සිත්තම් මැදින්
උසින් වැඩි කඳු පෙළක්
පිළිමගෙයි
දෙව් මිනිස් සියලු රූ
එකම තලයක රැඳවු
සිතුවමේ ප්‍රහේළිකාවක්
නැවතුනෙමි මොහොතක්
දුරින් සහ ළඟින් ඇති
තුරක උස වෙනස නැති
මහිමි හා සම උසිනි
පරිමාණ නොවලහා
නිර්මාණවල මෙලෙස
මහිමි හා සම කළේ
ඔබේ සිත තුළ තිබූ
නොදුටු ගුණ කදම්බය ද ?
නලිනි ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තූතියි ඔබ තුමාට මා වෙනුවෙන් ඉඩක් වෙන්කිරීමෙන් මේ අකුරු වලට ලබා දෙන දිරියට.