
එන්ජින් ඔයිල් බේරෙන ජීවිතය යට
දුන්හිඳ ගලන සංධ්වනියක සිහිල ඇත
සිංහයෙකුගේ ලොම් ගැලවුණ මතක පිට
ලෙන්දොර බිඳින නාදය වැලපුමකි මට
ඇල්වතුරෙන් ම හේදෙන ලොරි බොඩිය යට
ලොන්ඩරියකින් පිටමං කළ බැනියමක
අල්ලට සිඟා කෑ සිහිනෙක ලකුණු දැක
වල් කොළ කකා හිනැහෙන දළඹුවෙකි තෙත
දැල්වෙන විදුලි බුබුළක උණුහුමක සැප
ඉල්ලන මෙරුන් තවමත් මා තුළ ද ඇත
ඉල්ලම සොයා මීරන් පතලකට බැස
මල්වෙඩි හීන අහුලන හදවතක තොස
බකමූණෙකුට මුකවාඩම් බඳිනු රිසී
උලලේනියක් කොඳුරයි කළුවරක වැසී
ගම්පෙරළියේ නන්දා ඉකිබිඳිනු ඇසී
කොග්ගල උඩට වෙනිවැල් ගැට වතුර වසී
පාසානම් කකා දිරවන අහස යට
මී කතුරකට තැබුවෙමි කරවල මතක
තෝසේ බුදින බහිරව රූපෙක බඩට
දේදුනු නටන මන්දාකිණියක් කුමට
පපඩම් සතුට උඩ ටොපියක් කන සිතක
නැටවෙයි පංචිකාවත්ත ම සුරපුරක
කොටහළු හීන දැක සයිලන්සර කටක
වතුසුදු මලක් පලඳමි මම කුඹගසක
කුමාර හෙට්ටිආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd