IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පංචිකාවත්ත උඩ ටිංකරින් බාස්ගේ රාත්‍රිය

තඹරවිල

එන්ජින් ඔයිල් බේරෙන ජීවිතය යට
දුන්හිඳ ගලන සංධ්වනියක සිහිල ඇත
සිංහයෙකුගේ ලොම් ගැලවුණ මතක පිට
ලෙන්දොර බිඳින නාදය වැලපුමකි මට

ඇල්වතුරෙන් ම හේදෙන ලොරි බොඩිය යට
ලොන්ඩරියකින් පිටමං කළ බැනියමක
අල්ලට සිඟා කෑ සිහිනෙක ලකුණු දැක
වල් කොළ කකා හිනැහෙන දළඹුවෙකි තෙත

දැල්වෙන විදුලි බුබුළක උණුහුමක සැප
ඉල්ලන මෙරුන් තවමත් මා තුළ ද ඇත
ඉල්ලම සොයා මීරන් පතලකට බැස
මල්වෙඩි හීන අහුලන හදවතක තොස

බකමූණෙකුට මුකවාඩම් බඳිනු රිසී
උලලේනියක් කොඳුරයි කළුවරක වැසී
ගම්පෙරළියේ නන්දා ඉකිබිඳිනු ඇසී
කොග්ගල උඩට වෙනිවැල් ගැට වතුර වසී

පාසානම් කකා දිරවන අහස යට
මී කතුරකට තැබුවෙමි කරවල මතක
තෝසේ බුදින බහිරව රූපෙක බඩට
දේදුනු නටන මන්දාකිණියක් කුමට

පපඩම් සතුට උඩ ටොපියක් කන සිතක
නැටවෙයි පංචිකාවත්ත ම සුරපුරක
කොටහළු හීන දැක සයිලන්සර කටක 
වතුසුදු මලක් පලඳමි මම කුඹගසක

 

කුමාර හෙට්ටිආරච්චි



අදහස් (0)

පංචිකාවත්ත උඩ ටිංකරින් බාස්ගේ රාත්‍රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 517 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17193 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 691 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site