
සිහිලැල් හැඟුම් නඟමින් හදවත මිරී
ඉවුරෙන් තබා යයි රසමුසු තැන් පීරී
වන මල් තුටින් හිනැහෙන රහසෙන් බේරී
ගඟුලැල් ගලයි සිහි කරමින් ගී ථේරී
ගල් පර සුමට කරමින් දිය වැල් ඇදෙන
ගල්වන අඳුන් නයනෙහි වෙන කොයි තිබෙන
මල් වල පවා හැඩයෙන් සුවඳෙන් එබෙන
නිල්ලෙන් පිරෙයි දෑලම විදසුන් රැගෙන
මොහොතින් මොහොත අත් හළ යුතු දහම කියා
බැස යන කෙනෙක් එලෙසම ගොඩ නොඑන නියා
අනියත දහම කෙතරම් සැනසුමද සොයා
ඉපයූ සියල් වත්කම් මුහුදකට ගියා
නයෝමී අමරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd