සෙනෙහසේ මංජරියක්
කපා විසි කළෙමි...
මරණයේ දොරකඩට...
මරණය..
ඉතා ගිජු ලෙස..
ලද පිදේනිය
හරව..හරවා බලයි 
ඒ.. මේ..අත
මම.. 
සිනාසී ආපසු හැරුණෙමි
මගේ ආදරණීයයන් වැළඳගන්නට...

 

කල්‍යාණි රූපසිංහ - මාතලේ