වනය නොගියාට ගමට
ගමයි ආවේ වනයට
මංකඩ හරස්කර
එලුවා යකඩ සිල්පර
විදුලි වැට මායිම් කර
කුඩා කළ  බිම් පෙතකි
සද්දත්තයන් වසනා බිම

මුදුන් වෙද්දී පෝය සඳ
පුරුදු ගමනකිය ඇත් රැල
හැල්මේ තැපැල් ගෙන
මඩකළපු යන දුම්රිය

සද්දන්තයා මුත් වනයට
මෙල්ලයි යකඩ ඇතු ළඟ
නොකර අරගලය එරෙහිව
වැතිරුණා මහ පොළොව සිඹ

සතපවා මල් වඩම් නැති දෙන
ඉගිලුණා උලලේනි වන හිස
පීලි මත නිසලව
හැඬුවා දුම්රියද ඉකිබිඳ


ෂර්මිලා බංදුනී දංවත්ත