
පෙර වදන......
කඩා බිඳගෙන වැක්කෙරෙද්දී
අපහාස සොරොව්ව
නුඹ නමින් වෑ වුනා
කරවටක්....දුක් කඳ
වට පිටින් රසකර
වැටුනත් ලුනු ඇඹුල
ඉරණු තැන්...මැකුණු තැන්
ජීවිතේ බෝම......
රසක් නැති ජීවිතය
මැදි හිතින් වළඳන
පාසල ළඟ අඹ ගහ යට
වෙරළු අච්චාරු විකුණන
හතේ පන්තියෙ....කොනේ බංකුවේ
පියසිරිගෙ අම්මා.... සිරියාවතී....මම
පසු වදන.......
මොර සූරන වැසි මැදත්
ඇහිඳිද්දී වෙරළු ගැට
අහක බැලුවා....කූඩැල්ලනුත්
ලේ සිඳුණු දෙපා දැක
පිට පාරෙන්ම ගිය
පතිනි වරයට......නොහැඬුව
පවු නොකළ වුන් ගහන ගල්
සිනහවෙන් ඉවසුව
නුඹ නොදත් කවි...කතා
මා සමග... වනපොත් කළ
අර පේන අඹ ගහ යට
වෙරළු අච්චාරු.....විකිණුවා
අකුරු බැරි සිරියගෙ.... පුතා
විදුහල්පති......
පියසිරි.....මම
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd