
මේ හීනි මල් පිපුණු උරය
දානකොට ඉස්සරම
තිබුණා මල් විස්සක්ම
එක එක පරවෙලා
ඉතිරි දොළහයි දැනට
ඒත් ඉඳහිට දවසක
දැනෙනවා.....
තව මල් පිපෙන බව
මල් මවපු අතැඟිලි
හිස පරිමදින රෑක
නොවැසුණු කවුළුවෙන්
හමා ආවා ඒ මිහිරිතම සුවඳ
පමාවෙලා
ඇහැරිලා බලනකොට
මලක් පරවෙලා ඇඳ පාමුල
අපි දැකපු හීන
එක එක පුරවපු
ඒත් නුඹ යනකොට
ගෙන යන්න අමතක කරපු
කොට්ට උරයම තමයි දන්නේ
කොච්චරද
මම හෙලපු කඳුළු බිඳු
ෂර්මිලා බංදුනී දංවත්ත
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1495
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තවමත් මල් පිපෙන ඒ උරය