මේ හීනි මල්  පිපුණු උරය
දානකොට ඉස්සරම
තිබුණා මල් විස්සක්ම
එක එක පරවෙලා 
ඉතිරි දොළහයි දැනට
ඒත් ඉඳහිට දවසක
දැනෙනවා.....
තව මල් පිපෙන බව

මල් මවපු අතැඟිලි
හිස පරිමදින රෑක
නොවැසුණු කවුළුවෙන්
හමා ආවා ඒ මිහිරිතම සුවඳ
පමාවෙලා 
ඇහැරිලා බලනකොට
මලක් පරවෙලා ඇඳ පාමුල

අපි දැකපු හීන
එක එක පුරවපු
ඒත් නුඹ යනකොට
ගෙන යන්න අමතක කරපු
කොට්ට උරයම තමයි දන්නේ
කොච්චරද
මම හෙලපු කඳුළු බිඳු


ෂර්මිලා බංදුනී දංවත්ත