
සරැළි නංවා
කුඹුක් තුරු අස
ගලාගිය
ඉඳුවර දියක්
නෙළුම් මානෙල්
පිරිවරාගෙන
වෙහෙර අස
ඉපිලුණු වැවක්
කෙත් යාය
දුර හේන්
රජරට තනිව
අස්වැද්දූ කලක්
වල් වැදී
ඔත්පලව මියෙනා
අයුරු දැක
ඉවසුම දුකක්
දරාගෙන වේදනා
ගැරහුම්
ගිමතයෙත්
දුන් පැන් පොදක්
වතුර මල් යට
ගම්මු සැනහෙති
වැවට කෝ
නැතිවද බිලක් .
රුවන්මලී දීපිකා කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd