උණුසුම් කෝපි බඳුනක
උණුසුම මැකෙයි ටික ටික
බිඳෙන් බිඳ හිස් වුණ
බඳුන පතුලේ රසම ටික

ඉතිං සුහදිනිය...

ඔබ දුන්න ප්‍රේමයත් 
තිත්ත කළු කෝපි මෙන්
නිව්න පසුවත්
විඳිය හැක ටික ටික


ෂර්මිලා බංදුනී දංවත්ත