
අතකින් සම්මාන අතකින් අවමාන
උදයෙන් පොළට ආවද ඔබ කවිරත්න?
පළවෙනි කවිරත්න
කවි අධිරාජ්‍යයේ සක්විති
පහත් කරගෙන හිස
සසර අබලන් මග යන
ගන්න කලට ණය මිහිරිය මී සේ
ගෙවන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
මාස් පඩිය සේදෙයි එක දවසේ
ඒත් ලියයි කවි ලෝකෙට බෝ සේ!
"මේ පොළේ බොහෝ
ලාබ බඩු තිබේ
චීනෙන් ආ කවර අස්සෙ
නටන හැටි අගේ!"
කවිරත්න
පුතා ගැන හිතයි
කවිරත්න
දුව ගැන හිතයි
ඇවිද ඇවිද පොළ පුරා හත් විඩක්
ලාබම ලාබ සෙල්ලම් බඩු තෝරා ගෙනාවැයි
අමනාප නොවී පුතු
සිනාසෙයි තුරුළුව.
ඇවිද ඇවිද ලොසින්ජර කඩ ගානේ
ලාබම ලාබ රස කැවිලි ගෙනාවැයි
අමනාප නොවී දූ
සිනාසෙයි තුරුළුව.
කවිරත්නට
බිරිඳ සිහිවෙයි
අම්මා තාත්තා සිහි වෙයි
"පාන් පෙත්තෙ සම්බොල් ගා සතුටින් කන බිරිඳ ඔබය
වාට්ටුවෙන් දුන් බෙහෙතෙන් නැගී සිටින අම්ම ඔබය
සියලු පහර දුක් පිරිපත නිහඬව ගත් පියා ඔබය
බැංකුවටත් වඩා නිතින මං ඔබලට ඉතිං ණයය"
කවිරත්නට
ඔක්කෝම ගැන සිහිවෙයි
තමා ගැන සිහි නොවෙයි!
සමිත බී. අටුවබැන්දෑල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd