අතකින් සම්මාන අතකින් අවමාන
උදයෙන් පොළට ආවද ඔබ කවිරත්න?
පළවෙනි කවිරත්න
කවි අධිරාජ්‍යයේ සක්විති
පහත් කරගෙන හිස
සසර අබලන් මග යන
ගන්න කලට ණය මිහිරිය මී සේ
ගෙවන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
මාස් පඩිය සේදෙයි එක දවසේ
ඒත් ලියයි කවි ලෝකෙට බෝ සේ!
"මේ පොළේ බොහෝ
ලාබ බඩු තිබේ
චීනෙන් ආ කවර අස්සෙ
නටන හැටි අගේ!"
කවිරත්න
පුතා ගැන හිතයි
කවිරත්න
දුව ගැන හිතයි
ඇවිද ඇවිද පොළ පුරා හත් විඩක්
ලාබම ලාබ සෙල්ලම් බඩු තෝරා ගෙනාවැයි
අමනාප නොවී පුතු
සිනාසෙයි තුරුළුව.
ඇවිද ඇවිද ලොසින්ජර කඩ ගානේ
ලාබම ලාබ රස කැවිලි ගෙනාවැයි
අමනාප නොවී දූ
සිනාසෙයි තුරුළුව.
කවිරත්නට
බිරිඳ සිහිවෙයි
අම්මා තාත්තා සිහි වෙයි
"පාන් පෙත්තෙ සම්බොල් ගා සතුටින් කන බිරිඳ ඔබය
වාට්ටුවෙන් දුන් බෙහෙතෙන් නැගී සිටින අම්ම ඔබය
සියලු පහර දුක් පිරිපත නිහඬව ගත් පියා ඔබය
බැංකුවටත් වඩා නිතින මං ඔබලට ඉතිං ණයය"
කවිරත්නට
ඔක්කෝම ගැන සිහිවෙයි
තමා ගැන සිහි නොවෙයි!
සමිත බී. අටුවබැන්දෑල
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කවිරත්නගේ කවිය