
ඊයෙ රෑ වැටුණු වැස්සට
සේදිලා කඳුළු ඔක්කොම
හඬා නිදහස් වුණ
අහසක් වගෙයි
ඔයා අද උදෑසන
රන් පාට කෙස් ගසක්
උරහිසක රැඳුනට
සිහින් විලවුන් සැරක්
කමිසයෙන් හැමුවට
පැයක් පහුවෙලා
හවසට ආවම
ගස්සගෙන ගෙට ගියේ
කතාවක් ගොතාගෙන
පැය අටේ වැඩ මුරය
නිමවෙනා කනිසමට
කෝච්චිය එන්නෙ නෑ
හැමදාම වෙලාවට
විඩාවෙන් මැලවෙච්ච
ළඳුන් මැද තෙරපීගෙන
එන හැටි දන්නවනම්
නැහැ සැරවෙන්නෙ ඔච්චර
ෂර්මිලා බංදුනී දංවත්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd