
අහිංසක කිකිළියකි
පිදුරු ගොඩ උඩ ලගින
ඕ සෙනේබර මවක
උණුහුමින් බිජු රකින
ගේ වටේ ඇවිදිමින්
කෙකර ගෑවා නිතර
බලයි මා දෙස පෙමින්
අහුලගෙන කන අතර
උදෑසන හඬලනා
කුකුළෙකුගෙ කට හඬට
අවදි වී හනි හනික
පිළිකන්න වෙත දුවන
මා නොදැන මා තුළ ම
ආදරය දල්වමින
මා ද කුකුළෙක් බව ම
කෙකර ගා මට කියන
නොමඳ පිය සෙනෙහසින්
මම මගේ කරමලය
අත ගගා අත ගගා
මම ද හඬලමි මිතුර
ඈ බැහැර ගිය විටක
ඇයට නොපෙනෙන ලෙසින
බලමි කුහුලින් යුතුව
පිදුරු ගොඩ වෙත ළංව
ඇගේ මුදු සුපහසින්
නොහිම් උණුහුම ලැබුව
සොඳුරු කවියක් තිබිණ
පිදුරු මත පණ ගහන
කුමාර හෙට්ටිආරච්චි
2025 ඔක්තෝබර් මස 08
1906
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිකිළිය