
අහිංසක කිකිළියකි
පිදුරු ගොඩ උඩ ලගින
ඕ සෙනේබර මවක
උණුහුමින් බිජු රකින
ගේ වටේ ඇවිදිමින්
කෙකර ගෑවා නිතර
බලයි මා දෙස පෙමින්
අහුලගෙන කන අතර
උදෑසන හඬලනා
කුකුළෙකුගෙ කට හඬට
අවදි වී හනි හනික
පිළිකන්න වෙත දුවන
මා නොදැන මා තුළ ම
ආදරය දල්වමින
මා ද කුකුළෙක් බව ම
කෙකර ගා මට කියන
නොමඳ පිය සෙනෙහසින්
මම මගේ කරමලය
අත ගගා අත ගගා
මම ද හඬලමි මිතුර
ඈ බැහැර ගිය විටක
ඇයට නොපෙනෙන ලෙසින
බලමි කුහුලින් යුතුව
පිදුරු ගොඩ වෙත ළංව
ඇගේ මුදු සුපහසින්
නොහිම් උණුහුම ලැබුව
සොඳුරු කවියක් තිබිණ
පිදුරු මත පණ ගහන
කුමාර හෙට්ටිආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd