බ්‍රරහස්පතිට වඩා
නෙප්චූන් තමයි ලස්සනම
තිබුණා ට ආවාට එක දෙක
හඳ වගේ වෙන එළියක් කොහෙද
සුළඟක් ඇවිත් 
තල්ලු කරනව වලාකුළු
සක්වලින් එළියට
පියාඹා ආ උල්කාපාතයක්
මියගියා.....
පුපුරවාගෙන මල් වෙඩිල්ල

තැන තැන පිපුණු තරු ඇස්
කොඳුරනව ඇසකින් ඇසකට
මධු බඳුන් එකි නෙක ගැටෙනවා
මේ උමතු රැය මැද
සුර...අසුර යුද විරාමෙක
හිරු නැගෙන්නට පමා වෙයි හෙට

සබඳ.....

අපි ඉතිං කලඹමු
ක්ෂිර සාගරය

                ෂර්මිලා