කරි බිඳට හඬනා

බිලිඳුන් දැක දැකත්

සඟවගෙන රැගෙන විත්

නැහැව්වේ කිරි ගඟක්

 

කිළිකුණු හැර

පිරිසුදුව පිරුවට හැඳ

යැදූ යැදුම් කන්නලවු

වසර ගණනක්

නෑසූ කන්ව සිටි බැවින්

විවර වී නොතිබුණි

තෙවැනි ඇස එතෙක්..

 

අහම්බෙන් යෙදුණු

කෙම්මුර දිනයක

තේවාකරුට වැහී

අදිසි මායාවක්

 

සිහි මුළාවී එයින්

මෑත් වූ තිර සතට එපිටින්

සුරන් වෙස් ගත්

අසුර භවනක

බිඳ දමා හිරි ඔතප්

හඬවා තිබුණා

කිරි සිහිනයක්..

 

කල්‍යාණි රූපසිංහ මාතලේ