දිගු කාලයක් පුරා
එක පෙළට රුදුරු ලෙස 
අහස ගුගුරවා
මහ අකුණු සර නැගුණා

අසෙනි වැසි ඇද වැටී
පවුරු බැමි ඉරි තළා
හරිත නිම්නයක් 
හුදෙකලාවේ ගිලුණා

ඒ අඳුරු නිම්නය 
දයාවේ කිරණින් 
යළිත් පැහැ ගැන්වූ
සෙනෙහෙ මංජුසාවක්
'ඉඳුකිලක්' සේ 
ඇතුල් ගැබ නිදන් කෙරුණා
.....................................
දැන් අහස පැහැදිලිය
ගොර බිරුම් වැසි අකුණු
අසලකට වත් නොයේ

සන්තාප මුසු වී 
නිබඳවම හමා යන 
සිහිල් මදනල හමුවේ
ඒ 'ඉන්ද්‍රඛීලය' 
බිඳෙන් බිඳ සෙලවෙනු දැනේ...

කල්‍යාණි රූපසිංහ 
       මාතලේ.