

.
සංගීත සාරිය අඳින
ස්වර ප්‍රස්තාර මාල වළලු
පලඳින
උස කෙට්ටු
අලුත් සංගීත මිස්
සත්සරා!
.
අලුත් පත්වීමෙන්
ඉර අව්ව වහගෙන,
මුඩුබිමේ
සංධ්වනි පැලකරයි.
පැලවලට
සංගීත වතුර දායි.
සිහින් දිගු ඇඟිලිවලින්
කොකනද වීණාව වයයි!
.
"සත්සරා
මං උපගුරු ධර්මසේන
අධර්මයට කට්ටිපනින.
දුෂ්කර සේවෙට ඇවිදින්
පැමිණෙන දුක් මීපැණි කන!
ආර්ථිකේ අත්ත කඩාගෙන
පෙම් ගසින් ඇදවැටී
ශ්‍රැතිය අහිමිව හොයන.
කුලී ගෙදර කරමත තබාගෙන
අඳ මව්පියො රකින.
තනි අතෙන්
සප්ත සාගරේ පීනන.
පත්තරපිටු පීර පීර
දෑවැදි නැති පොඩි නංගිට
සක්විති රජෙක් හොයන!
.
සත්සරා
මල් මල් සංගීත බෑගය ඇරලා
කටුක ගීතෙ හැඩකරන්න
මට එක ස්වරයක්
හොයලා දෙන්න.
ප්ලීස්!"
+++++++++++++++++++
ආර්ථික විද්‍යාව සර්,
පන්චායුධයක් ඇරං මං ආවේ
දුෂ්කර සේවෙට.
.
පිරිත් පොතයි
අප්පච්චිගෙ ෆොටෝ එකයි
කොට්ටෙ යටින් තියාගන්න.
නිදාගන්න කලින්
බුදුගුණ සිහිකරන්නෝන”
එහෙම තමයි අපෙ අම්මා
මට කිව්වෙ පිටත්වෙද්දි.
ඒ මගෙ
පළවෙනි ආයුදෙ.
.
“රෑට රෑට
ගම සමතලා කරන
අලි හිටියොත්
රස්සාව අලියට දාල
ගෙදර වරෙං පහුවදාම”
එහෙම තමයි අත්තම්මා
මට කිව්වෙ පිටත් වෙද්දි.
ඒ මගෙ
ආයුදේ දෙවන.
.
“රෝසමල් හදවත
හංගා ගනින්
බොරු තරහ රෝස කටු පුප්පගෙන හිටපං”
එහෙම තමයි ලොකු අක්කා
මට කිව්වෙ පිටත් වෙද්දි.
ඒ මගෙ තුන්වෙනි ආයුදෙ.
.
“එක එක මදුරුවො
ඒ පළාතෙ
මෙන්න මේ නෙට් එක ගෙනියපං.
නංගිට ආදර්ශයක් වෙන්ඩ
එහෙදි ඉන්ඩ ඕන හරිද?”
එහෙම තමයි මට කිව්වේ
පොඩි අක්කා පිටත් වෙද්දි.
ඒ මගෙ
සිව්වෙනි ආයුදෙ.
.
සංගීතය වගේ තමයි
මගෙ හිත දැන් මට
විස්වාසයි.
ඒ මගෙ පස්වෙනි ආයුදෙ.
පීඨෙදි
එක ස්වරයක් දෙන්න ගිහිං තමයි සර්
මගෙ හිත දෙකට ම පැළුනේ.
.
ආර්ථික විද්‍යාව සර්,
පන්චායුධයක් ඇරං මං ආවේ
දුෂ්කර සේවේට.
මං හරි නපුරුයි සර්
සමිත බී .අටුවබැන්දෑල
2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආර්ථික විද්‍යාව සර් සහ සංගීත මැඩම්