සම්මත අසම්මත අතරින් පෙරිලා
ගින්දර ​ පවන් සලමින් ​අත​වනලා
කොච්චර ලියා තැබුවත් සිත රිදිලා
තෙරපෙන ආදරේ ලියැ​‍​වෙයි  පිරිලා

 

ඉස්පිලි පාපිල්ල එකටම එතිලා
ඇලපිලි හිනාවෙනවා අත වනලා
කොම්බුව හොරෙන් සිට එබිකම් කරලා
පස්සට පැන්න ලැජ්ජාවෙන් පිරිලා

 

කරදහියක ලියා අමු​ණා ගෙන ඉන්න
හිත් අඩියටම නොදැනේවි හිත ගින්න
අයිතිය බලය පවරා ගෙනා සින්න
සුසුමක වෙ​ළා අරගෙන යනව යන්න

 

අකුරක් එකතුව හද පුරවා ඇති ලු
ආදරට උඩින් කවුරුත් තව නැති ලු
සාගරයට නොදෙවෙනි බව නම් දනි ලු
පණයන හිතට ඈතින් හිට මදි ලු

​නලිනි ද සිල්වා කලුතර