
සම්මත අසම්මත අතරින් පෙරිලා
ගින්දර පවන් සලමින් අතවනලා
කොච්චර ලියා තැබුවත් සිත රිදිලා
තෙරපෙන ආදරේ ලියැවෙයි පිරිලා
ඉස්පිලි පාපිල්ල එකටම එතිලා
ඇලපිලි හිනාවෙනවා අත වනලා
කොම්බුව හොරෙන් සිට එබිකම් කරලා
පස්සට පැන්න ලැජ්ජාවෙන් පිරිලා
කරදහියක ලියා අමුණා ගෙන ඉන්න
හිත් අඩියටම නොදැනේවි හිත ගින්න
අයිතිය බලය පවරා ගෙනා සින්න
සුසුමක වෙළා අරගෙන යනව යන්න
අකුරක් එකතුව හද පුරවා ඇති ලු
ආදරට උඩින් කවුරුත් තව නැති ලු
සාගරයට නොදෙවෙනි බව නම් දනි ලු
පණයන හිතට ඈතින් හිට මදි ලු
නලිනි ද සිල්වා කලුතර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd