
අතීත මතක කඳුරක
පොකුරු පහන් නොදැල්වුණු
අඳුරක
බෝඹු මල් සුවඳ ඉසව්වක
ආදරෙන් සරමි
ගැහැනු ළමයි කියවනා
අතරතුරක
වැල් අකුරු දිග ලියුමක
ඔබ ලියා තිබි කවක
ගිලී කිමිදී හිඳිමි
අදත් ඉඳහිට හවසක
ඔහුට රෑ වන වැඩ මුරයක
ඔබ ගැන මිහිරි මතකයක
අහුකොන් අවුස්සා බලමි
සුහද
තිත්ත රස කසායක
මුහුකළ
මී පැණි බිඳක
ඔබ වෙතැයි හඟිමි
- පවිත්‍රි මෙන්ඩිස් මතුගම -

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd