
(එම්.සුසිල් ප්‍රියන්ත)
ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ බාරයට ගත් සිසුහු සිව් දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිටින අය වෙති.
ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඔවුන්ගේ මවුපියන්ට පෙරේදා (1) පස්වරුවේම බාර දුන් බව ද පොලීසිය කියයි.
අනතුරුව මෙම සිව් දෙනා මවුපියන්ගේ කැමැත්ත සහිතව එම පාසලෙන් ඉවත් කර ගෙන ඇතැයි විදුහල් ආරංචි මාර්ග කියයි.
ලෝක ළමා දිනය පැවැති පෙරේදා (1) සිසුන් සිව්දෙනා වතුර බෝතලයකට මත්පැන් පුරවා පාසලට රැගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
මත් වතුර රැගෙන ආ බවට විදුහලෙන් ලැබුණු තොරතුරකට අනුව ඔවුන් සිව්දෙනාම සිය බාරයට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔවුන් හික්කඩුවේ මත්පැන්හලකින් මත්පැන් මිලට ගෙන වතුර බෝතලයකට දමාගෙන පැමිණ ඇති බව අනාවරණය වීයැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර් එකේ නම දැම්මා නම් අනික් ළමයින්ට ලේසියි.
බොහොම ලේසි මත්පැන් අලවිකල වෙළඳසැලේ බලපත්‍රය වහාම අවලංගු කර, එහි ඇති සියලුම මත්පැන් පරීක්ෂණයට භාජනය කර, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න.
මේ මේ මේ බනිනවා එහෙම නෙමෙයි ළමයින්ට හරිද. ඇය ළමයිට මානසික පීඩාවක් වේයි. අනික ඉතින් ඕක මොකද්ද. මොකෝ ටීචර් ට පාන් ද? පුළුවන් නම් 5000 කුයි තව මොනාව හරි දෙන්න ෆන් එකක් ගන්න කියලා. අපේ බිමල් මාමගෙන් අහන්න එයා ඕවා දන්නවා.
මේ පින්තූරේ ඉන්න පොලිස් මාමා නිකං මටත් ටිකක් දෙනවද කියලා අහනවා වගේමට පේන්නේ.
හොඳ වෙලාවට අර පනත තවම සම්මත වෙලා නෑ