IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රැස්වීමට නාවාට සුරාබදු ලොක්කාට දොස් කියලා

(රංජන් කස්තුරි)

රජයේ බදු ආදායම වැඩිකර ගැනීමේ බදු ශක්ති වැඩසටහනට සමගාමීව පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රසිද්ධ වේදිකාවේ බැණ වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු වී තිබේ.

බදු ශක්ති සතියට සමගාමීව සුරාබදු ඉහළ නැංවීම සඳහා උපදෙස් ලබාදීමේ අරමුණින් රට පුරා මත්පැන් සිල්ලරට අලෙවි කරන්නන් සඳහා කැඳවා තිබූ එම රැස්වීමට ආරාධිතයකු ලෙස නොපැමිණීම නිසා මත්පැන් බලපත් හිමියන්ගේ සංගමයේ නිලධාරින් ඔවුන්ගේ දේශන අතරතුර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රසිද්ධියේ බැණ වැදී තිබිණ.

දිවයිනේ ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන ආයතනයක අනුග්‍රහයෙන් මීගමුවේ සුපිරි හෝටලයකදී  එම රැස්වීම කැඳවා තිබූ අතර ඊට රට පුරා මත්පැන් අලෙවිකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිට ඇත.

 



අදහස් (3)

රැස්වීමට නාවාට සුරාබදු ලොක්කාට දොස් කියලා

PGPTHILAK Monday, 16 June 2025 03:04 PM

මොන විහිළුවක්ද? මේක බදු ආදායම වැඩි කරන්න නොවෙයි බේ බද්දන්ගෙන් එකතුකර ගන්න ටිකත් යටි මඩි ගහන්න කරපු කුමන්ත්‍රණකාරී හෝටල් රැස්වීමක්!

:       0       5

Sanka Monday, 16 June 2025 03:28 PM

බීලා වෙන්න ඇති.

:       0       3

ජිල්බු Monday, 16 June 2025 04:25 PM

ශ්‍රී ලංකා මාතාවගේ දියුණුව එකම අපේක්ෂාව වෙන අරක්කු වෙළෙන්ඳන්ට මාගේ හද පිරි අරවා එක...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site