IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මී කඩන්න ගිය අයකු වෙඩි වැදී වැටිලා

(එම්.කේ.නන්දසේන)

යාල ජාතික වනෝද්‍යානයට මී කැඩීම සඳහා ඇතුළු වූ පුද්ගලයකු වෙඩි වැදී තුවාල සහිතව පැමිණ කතරගම කොච්චිපතාන ඝණ දේවාලය සීමාවෙි වැටී සිටියදී කතරගම පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත එම පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට යැවූ බව කතරගම පොලීසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා මී කැඩීම සඳහා  යාල උද්‍යානයට ඇතුළුවූ බවත්, මස් බෑගයක් සමඟ පැමිණි දෙදෙනකු ගෙන් අයකු බෙහෙත් කොටන ගිනි අවියකින් වෙඩි තැබූ බවත්, එම ස්ථානයේ ඇදවැටී පැයකීපයකට පසුව සෙමින් සෙමින් මෙලෙස පැමිණි බවත් ඔහු පොලීසියට පවසා ඇත.

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යවා ඇත.

 

 

 



අදහස් (0)

මී කඩන්න ගිය අයකු වෙඩි වැදී වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site