
(ගයාන් සූරිය ආරච්චි)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 52 පුද්ගලයෙකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී විශාල කණ්ඩායමක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලී සිටි අතර එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පුද්ගලයෙකු විසින් බෝතලයකින් පහර දී තුවාල සිදු කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයතුංග මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 04
753
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු