
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
දමයන්ති ෆොන්සේකා මහත්මිය වෛද්‍යවරයකු හමු වීම සඳහා විදුලි සෝපානයෙන් ඉහල මාලයට යන අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
සොරකම සිදුවන අවස්ථාවේ විදුලි සෝපානයේ අධික තදබදයක් පැවැති බව කියති. ගැට කපන්නා ඉතා සූක්ෂම ලෙස අත් බෑගයට අත දමා මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන තිබේ.
නිළි රැජින අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාවයි.
අත් බෑගයෙහි මුදල් වලට අමතරව දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ජාතික හැදුනුම් පත ද තිබී ඇති ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු ලබාදුන් රංගන වේදනී දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් වන ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙවැනි සොරකම් සිදුවීම ගැන කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි.
ඇතැම් විට සැත්කම් ආදියට වියදම් කිරීම සඳහා කන කර පවා උකස් කර අසීරුවෙන් මුදල් සොයා ගෙන එන අහිංසක ජනතාවගේ මුදල් රෝහල් පරිශ්‍රයේදී ආරක්ෂා කරදීමට රෝහල් බලධාරීන්ට වගකීමක් තිබෙන බවද දමයන්ති ෆොන්සේකා මහත්මිය කීවාය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා
Chinthaka Wednesday, 16 July 2025 11:53 AM
සෝපානයේ අධික තදබදයක් තිබුණා නම් අත් බෑගය තමන්ගේ ඉදිරිපසින් තියාගෙන විමසිල්ලෙන් ගියා නම් ඔහොම නොවෙයි කියලා මට හිතෙනවා කොහොම වුණත් හොරා ජාතික රෝහලට අපහාසයක් කර තියෙනවා. රෝගීන්ට උපස්ථාන කිරිම බුදුහිමියන්ට උපස්ථාන කිරිමට සමාන නම් රෝගීන්ට මෙලෙස හිංසා කිරීම ගෙවාගන්න බැරි බරපතළම පාපකර්මයක් කිව්වොත් නිවැරැදියි.
දීපාල් Wednesday, 16 July 2025 02:05 PM
පොකැට්ටුව නැතිවීම කණගාටුවට කරුණක්... එයාගේ විතරයිද මෙච්චර කාලෙකට නැතිවෙච්චි එකම පොකැට්ටුව... අනේ මෙහෙමත් මාධ්‍ය...
කපුරුහාමි Wednesday, 16 July 2025 04:01 PM
ලෙඩ්ඩු බලන්ඩ එන අයගෙනුත් ගසාකන,සාත්තුකරනවා කියලා කෑමත් හොරාකාලා ,මොබයිල් ෆෝන් එකටත් විදින හොරු ඉන්නවා.
Pohottuwa Wednesday, 16 July 2025 06:43 PM
හිරු දෙරණත් කිව්වා රාජ්‍ය ආරක්ෂාවට වෙච්චි දෙයක් කියලා. මහින්ද ගෝඨා මහත්‍තුරු ඉද්දී කවදාවත් මේ වගේ හොරකම් වුනේ නෑ. මාලිමාව රට කෑවා..
Bunny Preena Thursday, 17 July 2025 10:39 AM
තමන්ගේ දේවල් පරිස්සම් කර ගන්න, තමන් දැන ගන්න ඕනේ . සෙනඟ ගැවසෙන ස්ථානවල වඩාත් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න පුරුදු වූනොත් හොඳයි.