
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් සිදුවු මාරක බස් රථ අනතුරින් මියගිය පිරිසට පිංඅනුමෝදනා කිරීමෙ පිංකමක් බසය පෙරැළී ගිය ස්ථානයේදී සිදු කෙරිණි.
මෙහිදී භික්‍ෂූන් වහන්සේලා විසි පස් නමක් උදෙසා දානය පිරිනැමිණි. ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන , නගරයේ ව්‍යාපාරික ප්‍රජාව , ජනතාව එක්වී මෙම පිංකම් සංවිධානය කර තිබිණි .
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී ඉකුත් 4 දා රාත්‍රී මේ අනතුර සිදුවිය.
පිංකම් අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක , ඇල්ල වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් ප්‍රේමසිරි, තංගල්ල වෙළෙද සංගමයේ සභාපති සුදත් රත්නකීර්ති යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ .
අනතුරින් මියගිය පිරිසට පිං අනුමෝදන් කරමින් තුවාල කරුවන්ට සුවය පතා ඊයේ (10) පිරිත් සජ්ඣායනාවක් ද ඇල්ලේදී පැවත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සියලුම දෙනාට නිවන්සුව, තුවාලකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය ක්‍රියාව සන්විධානය කළ සහ ඊට සහභාගි වූ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පින්... මෙවැනි අනතුරු යළි අපේ රටේ සිදු නොවේවා..!
ප්‍රාදේශීය පාලන ආයතන දාන මාන දෙනව කියන්නේ, ඔය අන්තුරට රටේ ජනතාව මුදල් වියදම් කරන්න ඕන කියන එකද? මගී ප්‍රවාහන රථ, මගීන් සමඟ රක්ෂණය කලයුතුයි. අනතුරට පත් අයට රජය(ශ්‍රී ලාංකීය ජනතාව) කිසිවක් කලයුතු නෑ. රක්ෂණය තියෙන්නෙ ඒකට තමා. එසේ නැත්නම් හිමිකරුගේ වත්කම් මගින් අයකරගෙන ගෙවිය යුතුයි. දැන්වත් වගකීම/වගවීම සහිත රටක් නිර්මාණය කළයුතුයි.