
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ දකුණු කොට්ඨාසයටද, බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා කුලියාපිටිය කොට්ඨාසයටද, කඳානේ ගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර කොට්ඨාසයටද, පනාමුර පොලිස් ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාසයටද සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර යවා ඇත.
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබාදීමේ නියෝගය පොලිස්පති නීතිඥප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද ( 5) නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට කඩේ නොගිය නිසා ලැබුණ දඬුවම් වගේ. රිටර්න් එක නඩුකර ලෙසද පැමිණිය හැකියි.
රටේ නීතියට අනුව වැඩ නොකළ නිසා ලැබුණ දඬුවම් මාරුවක් වගෙයි . නීති කඩලා නම් නඩු වැටෙයි තමයි. දැන් කාලේ වෙන වෙනස් තාලේ වෙනස්, හැමෝටම එක නීතිය.
නව මාලිමා රජයට ගරු කරනවා.... ඔබට පොසත් රටක් කිරීමට අවශ්‍ය නම් ඔබ RT තීරණ ගත යුතුයි.. ඔබට ආදරෙයි අනුර ජනාදිපතිතුමා පුටින් වාගේ සදාකල්ම අපේ හදවතේ ජනාදිපති ඔබයි...