IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


2029 යූ.කේ රැකියාවකට ඩිජිටල් හැඳුණුම්පත අනිවාර්ය කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ පියවරක් ලෙස 2029 වසරේ සිට එක්සත් රාජධානියේ රැකියාවක් කිරීම සඳහා එරට රජය නිකුත් කරන ඩිජිටල් හැඳුනුම්පත ළඟ තිබීම අනිවාර්ය කර තිබේ.

ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය හඳුන්වා දෙමින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්ම ප්‍රකාශ කර ඇත්තේ ඩිජිටල් හැඳුනුම්පත මගින් එක්සත් රාජධනියට නීති විරෝධීව පැමිණ රැකියා කිරීම අපහසු වනු ඇති බවත් ඊට අමතරව එමගින් ජනතාවට විශේෂ ප්‍රතිලාභ ගණනාවක් අත්වනු ඇති බවත්ය.

කෙසේ නමුත් විරුද්ධ පක්ෂය පවසා ඇත්තේ ඩිජිටල් හැඳුනුම්පතින් නීති විරෝධී සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට නොහැකි බවයි.

අග්‍රාමාත්‍යවරයා ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය නිවේදනය කිරීමත් සමග අත්සන් ලක්ෂ 16 කට වැඩි ප්‍රමාණයකින් යුතු පෙත්සමක් ඊට විරුද්ධව ඉදිරිපත් වී ඇත . රජය විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතකට ලියාපදිංචි වන ලෙස කිසිවකුටත් බල නොකළ යුතු බව එම පෙත්සමේ සඳහන් වේ. රජය ජනතව පාලනය කිරීම සහ නිරීක්ෂණය කිරීමේ පළමු පියවර ඩිජිටල් හැඳුනුම්පත බවද එම පෙත්සමේ දැක්වේ.

එරට සම්ප්‍රදාය අනුව ලක්ෂයට වැඩි අත්සන් ප්‍රමාණයකින් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත යුතුය. නමුත් ඉන් ප්‍රතිපත්ති තීරණය කිරීමට කිසිඳු බලපෑමක් එල්ල නොවේ.

 



අදහස් (1)

2029 යූ.කේ රැකියාවකට ඩිජිටල් හැඳුණුම්පත අනිවාර්ය කරයි

Don perea Sunday, 28 September 2025 06:03 PM

තවම යෝජනාවක් පමණි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site