චීනයේ සියෝමි සමාගම තමන්ගේම චිප් තැනීම අරඹයි

චීනයේ සියෝමි සමාගම සිය ස්මාට් දුරකතන වෙනුවෙන්, තමන්ගේම චිප් නිපදවීමට සැලසුම් කරන බව දැන් නිවේදනය කර තිබේ. සිය තරගකරුවන් වෙන ඇපල්, සැම්සුන් සහ හුවාවේ යන සමාගම් කරන්නාක් මෙන් මෙසේ තමන්ගේම චිප් තැනීම නිසා, සිය ස්මාට් දුරකතන වෙත තමන්ටම ආවේනික විශේෂාංග එක කළ හැකි බව සමාගමේ අදහසයි.
මෙසේ පසුගිය වසරේදී සියෝමි සමාගම එක්ස් රිංග් (XRing) නම් ස්මාට්ෆෝන් චිප් මාලාවක් ඉදිරිපත් කළේය. (https://tinyurl.com/yc6ucv52)
සිස්ටම් ඔන් (SoC - system-on-chip) චිප් වර්ගයේ මෙවැනි චිපයක් යනු, උපාංගය හොඳින් ක්‍රියාත්මකවීමට අවශ්‍ය විවිධ දෘඩාංග හෙවත් හාඩ්වෙයා කොටස් එක්තැන් කොට සැකසූ විශේෂ අර්ධ සන්නායක සැකසුමකි. ඉදිරියේදී නිපදවන ස්මාට් දුරකතනවලදී මෙම චිපය යොදා ගනු ඇති. මෙම චිපය දැනට ඇපල් සමාගමේ අයිෆෝන් ස්මාට් දුරකතනවලදී භාවිතා කෙරෙන්නාක් වැනි නැනෝමීටර් 3 තාක්ෂණයෙන් යුත් එකකි.
එක්ස් රිංග් වන් චිපයට වඩා නවීන සහ වෙනත් එවැනි චිප් සමඟ තරග කළ හැකි ඊළඟ පරම්පරාවේ චිප් තැනීමේ වැඩ සැලසුම දැන් අරඹා ඇති බව සියෝමි සමාගමේ උප සභාපති ෂූ ෆෙයි, පසුගියදා සීඑන්බීසී පුවත සේවය සමඟ කළ සම්මුඛ සාකච්චාවකදී එළි කළාය. (https://tinyurl.com/2nkhy25p) ඒ වෙනුවෙන් ඉදිරි වසරක කාලයේදී යුවාන් බිලියන පනහක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන හතක් පමණ වැය කිරීමට සියෝමි සමාගම සූදානමින් සිටී.
දැනට සියෝමි සමාගම සිය ස්මාට් දුරකතනවලින් සියයට හතළිහකදී පමණ භාවිතා කරන්නේ, ඇමෙරිකාවේ කොලිකොම් සමාගමේ සහ තායිවානයේ මීඩියාටෙක් සමාගමේ චිප්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd