ආකාර හතරකින්ම විවෘත කළ හැකි ස්මාට් ලොක් එකක් එයි

චීනයේ ටීසීඑල් සමාගමෙන් නිපදවා දැන් විකුණන්නට තිබෙන කේ වන් :ණ1* නම් සුහුරු දොරඟුළ හෙවත් ස්මාට් ඩෝ ලොක් උපාංගය, සාමාන්‍ය දොරඟුළුලක් සේම නිපදවා ඇතත් එය නූතන තාක්ෂණික යෙඳුම් ගණනාවක එකමුතුවකි.(https://tinyurl.com/4p5pw4jz) දොරඟුළ විවර කිරීම පිණිස එකිනෙකට වෙනත් නවීන තාක්ෂණික යෙඳුම් හතරක්ම යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි. වෙනත් තරගකාරී දොරඟුළුවලදී භාවිතා වෙන්නේ විවර කිරීමේ යෙඳුම් එකක් හෝ දෙකක් පමණි.
මෙහි ඇති ඇඟිළි සලකුණ හඳුනා ගන්නා උපාංගය මඟින් තත්පරයක් යන්නට මත්තෙන් දොරඟුළ විවර කර ගත හැක. කළ යුත්තේ ඇඟිල්ල සංවේදකය හෙවත් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය මත වරක් තැබීම පමණි. එකිනෙකට වෙනස් ඇඟිළි සලකුණු සියයක් වෙන් කර හඳුනා ගන්නට මෙම දොරඟුළට පුළුවන් නිසා, වැඩි දෙනෙක් යන එන දොරකට වුවත් මෙය සවි කළ හැක. මෙයට අමතර වශයෙන්, රහස් අංකයක් මඟින්ද, එක් වරක් පමණක් භාවිතා කළ හැකි සේ ලබා ගත හැකි පින් අංකයක් මඟින් මෙන්ම දොරඟුළ වෙනුවෙන්ම තනා ඇති විශේෂ ඇප් එක මඟින්ද එය විවෘත කරන්නට පුළුවන.
අනෙක් සාමාන්‍ය ස්මාට් ඩෝ ලොක් මෙන්ම මෙයද, දොර වසා ටික වේලාවක් තැබූ විට ඉබේම දොරඟුළ වැටීම, යම් කාලයක් තුළ දොර අඟුළු නොදා තැබිය හැකිවීම මෙන්ම අව් වැසි යනාදියෙන් හොඳින් ආරක්ෂා වෙන අමුද්‍රව්‍යවලින් තනා තිබීම යන ගුණාංගවලින් යුක්තය. කුඩා ප්‍රමාණයේ බැටරි හතරක් යෙදූ විට අවුරුද්දක් පමණ ක්‍රියාත්මක වෙන තරමට මෙහි විදුලි පාවිච්චිය අඩුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd