ඇපල් සමාගමේ අලුත්ම පරිශීලක අතුරුමුහුණත හෙවත් යූසර් ඉන්ටෆේස් එක වෙන මෙය ලික්විඩ් ග්ලාස් මෝස්තරය, පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ඉදිරිපත් කළ අයිඕඑස් 26, අයිපෑඩ් ඕඑස් 26, මැක්ඕඑස් 26, වොච් ඕඑස් 26 සහ විෂන් ඕඑස් 26 යන මෙහෙයුම් පද්ධතිවලදී භාවිතා කර තිබේ. (tinyurl.com/yc3fbajv)


ලික්විඩ් ග්ලාස් අතුරුමුහුණත යටතේ, වැඩසටහන්වල ඇති බොත්තම්, ටූල් බාර්, පැනල් යනාදිය හරහා ඊට යටින් ඇති පසුබිම පෙනේ. ඉතා පැහැදිලිව පෙනීම හෙවත් පාරදෘශ්‍ය බව නොව, මෙහිදී යොදා ගෙන තිබෙන්නේ ක්‍රියාත්මකව ඇති දෙය හොඳින් පෙනෙන නමුත්, ඊට යටින් ඇති දේ බොඳවී පෙනෙන මෝස්තරයකි. එනම් පාරාන්ධ ස්වභාවය යොදා ගැනීමයි.


යම් දෙයක් මත විශාලන හෙවත් උත්තල කාචයක් තැබූ විට එතැන ඇති දේ විශාලව පෙනෙයි. එය නෙළුම් කොළයක් මත ඇති වතුර බුබුළක් සිහි ගන්වයි. අනෙක් අතට එම පෙනුම, වතුර බුබුලක් එහා මෙහා වෙන වෙන ස්වරූපයෙන් ‘පණ’ ගැන්වෙයි. :රුබාැරසබට* යූසර් ඉන්ටෆේස් එකෙහි ඇති බට්න් එකක් (මැටීරියල් එකක්) තවත් එකක් වෙත ගෙන යන විට, එය වතුර බුබුලක් තල්ලු කරන විට ඇදී යන්නාක් සේ ඇදී ගොස් අනෙක හා එක්වෙයි. මෙසේ ද්‍රව බුබුලක් හසුරුවන විට දැනෙන හැඟීම, මෙම යූසර් ඉන්ටෆේස් මෝස්තරයෙන් එකවර ලබා දෙන්නේය යන තෙරුමිනි එය, ලික්විඩ් ග්ලාස් ලෙස නම් කර ඇත්තේ.  


මේ අයුරින් ඇපල් සමාගම, සිය මෙහෙයුම් පද්ධති සියල්ල එකම තේමාවක මෝස්තරයකින් හැඩ ගන්වනු ලබන්නේ, අවුරුදු දොළහකට පසුවය. ඊට කලින් මෙවැනි අතුරුමුහුණත් හැඩ ගැන්වීමක් කළේ, 2013 සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කළ අයිඕඑස් 7 මෙහෙයුම් පද්ධතියේදීය.