IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන්න – මිලින්ද මොරගොඩ

කාලීන අවශ්‍යතාවක් සේ සලකා ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරයි.

නවීන තාක්ෂණය වඩාත් පහසුවෙන් භාවිත කර සම්බන්ධතා ගොඩනැගිය හැකි ගෝලීයකරණයක් ඉදිරියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පරිවර්තනය කළ හැකි බව ඔහු සඳහන් කරයි.


ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහය නවීකරණය කිරීම, කාර්යක්ෂමතාවක් ඇති කිරීම සහ සීමිත සම්පත් උපරිම වශයෙන් භාවිත කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක කොටසක් ලෙස, විදේශයන්හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීම පිළිබඳව බරපතළ ලෙස සලකා බලන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී. හැටකට වැඩි තානාපති හා මහ කොමසාරිස් කාර්යාල ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් කාර්ය මණ්ඩල හිඟය සහ සම්පත් හිඟයෙන් පෙළෙන බව ද පෙන්වා දෙන මොරගොඩ මහතා ඩොලර් බිලියන 325 කට ආසන්න විදේශ විනිමය සංචිතයක් පවත්වාගෙන යන සිංගප්පූරුව නඩත්තු කරන දූත මණ්ඩල ප්‍රමාණය පනහක් පමණ බව ද දක්වයි.
වර්තමානයේ පවතින තත්ත්වය අනුව සෑම අංශයකම පැවැත්ම සාධාරණීකරණය කළ යුතු අතර වියදම සීමා කරන ප්‍රවේශයක් ඉදිරියේ විදේශ දූත මණ්ඩල දහයක්වත් අවම වශයෙන් අඩු කළ හැකි බවත්, මෙම ඉතුරුම්වලින් කොටසක් අනෙක් දූත මණ්ඩලවල ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට යොදා ගත හැකි බවත් මොරගොඩ පෙන්වා දෙයි. තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ක්‍රියාකාරිත්වය, දැරිය හැකි මිල සහ ජාතික අවශ්‍යතාව සැලකිල්ලට ගෙන රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය සහ කාර්යාලයක අවශ්‍යතාව අපක්ෂපාතීව තක්සේර කළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි.


කලාපීය මට්ටමේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය නොහැකි තෝරාගත් දූත මණ්ඩල සවිබල ගැන්වීම සහ ඒවාට අමතර සම්පත් වෙන් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසන අතර ශක්තිමත් ආර්ථිකයක් සහිත සිංගප්පූරුවේ මෙන්, තානාපතිවරුන් කලින් සූදානම් කළ ක්‍රියාකාරකම් සැලැස්මකට අනුව ඔවුන් වෙන් කර ඇති රටවලට වරින් වර සංචාරය කරමින් රාජකාරි කිරීමට ඉඩදිය හැකි බව ද යෝජනා කර සිටී. ඓතිහාසික හා සමාජීය තත්ත්වයන් යටතේ පිහිටුවන ලද ආයතන සහ ප්‍රතිපත්ති අලුතින් ප්‍රතිසංස්කරණය කර නැවත ඇගයීමට ලක් කිරීමට පවතින ආර්ථික අර්බුදය හොඳ අවස්ථාවක් ලබා දී ඇති බවත්, ඕනෑම පද්ධතියක් කාලයට පරිණාමය වී නවීන යුගයට අනුගත විය යුතු බවත් මොරගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල අඩු කරන්න – මිලින්ද මොරගොඩ

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 85 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 127 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 366 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 40 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 8 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 6 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site