IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්

අමිල චින්තක ගමගේ


කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව 2022 වසරේ 310,953ක්ද, 2023 වසරේ 297,620 ක්ද, 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා 83,888 ක පිරිසක් ද, රට රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
මෙම පිරිස් විදේශ රැකියාවලට යෑම නිසා ලංකාවට 2022 දී ඇමරිකානු ඩොලර් මිලියන 3789.5 ක ආදායමක්ද, 2023 දී ඇමරිකානු ඩොලර් මිලියන 5399.8 ක ආදායමක්ද, 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 963 ක ආදායමක්ද, ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
විදේශ රැකියාවලට 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා මුල් කාර්තුවේ පිටව ගිය 83,888 අතරින් 45,203ක් පිරිමි වන අතර, 38,385 ක් කාන්තාවන් වන බව එම ප්‍රකාශකයා කීය.
මේ අතරිනුත් 39,009ක් ඒජන්සියක් මාර්ගයෙන් විදේශගත වී ඇති ඇත. 44,574 ක් විදේශගත වී තිබෙන්නේ තමන්ම විදේශ රටකින් ගෙන්වා ගත් වීසා බලපත්‍ර මගිනි.
2024 මුල් කාර්තුවේ විදේශ රැකියාවලට ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන්නේ කුවේට් රාජ්‍යයටය. ඒ ප්‍රමාණය 29,871කි. දෙවැනියට වැඩිම පිරිසක් සවුදි අරාබියට ගොස් තිබෙන අතර එම ප්‍රමාණය 14,861කි. තුන්වැනියට වැඩිම පිරිසක් කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන අතර එම ප්‍රමාණය 11,473 කි. මීට අමතරව 2024 මුල් කාර්තුවේ දී කොරියාවට 2,581 ක්ද, ජපානයට 2189 ක්ද, ඊශ්‍රායලයට 2,266 ක්ද රට රැකියා සඳහා ගොස් ඇත. රටේ ආර්ථික ප්‍රශ්න වැඩිවීම මත මෙලෙස විශාල පිරිසක් කෙටි කාලයක් තුළ රට හැර ගොස් තිබෙන බවත්, මේ වසර අවසානය වන විට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යනු ඇතැයි උපකල්පනය කළ හැකි බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එම ප්‍රකාශකයා කීය.

 



අදහස් (0)

2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site