උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබුණු විශාලතම සෘජු විදේශ ආයෝජනය වන චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරනු ලැබීම සඳහා ගිවිසුම්ගත ඩොලර් බිලියන 3.5 ක් වටිනා තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අත්හැර දැමීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ සයිනොපෙක් සමාගම අතර අත්සන් කරන ලද මුල් ගිවිසුමේ සඳහන් ප්‍රතිපාදන කිහිපයක් ගැන දෙපාර්ශ්වයට තවමත් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව ද හේ කීවේ ය.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සාකච්ඡා සිදු නොවන බව ද ඒ වෙනුවට වරින් වර පමණක් සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේ ය.
යෝජිත පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඛනිජ ද්‍රව්‍ය සියයට 40ක ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා චීන සමාගම විසින් දිගින් දිගටම ඉල්ලා සිටිනු ලැබීමත් එම ප්‍රමාණය සියයට විස්සක් හෝ විසි පහක් හෝ විය යුතුය යන ස්ථාවරයේ ශ්‍රී ලංකා රජය සිටීමත් නිසා මේ ව්‍යාපෘතියේ කටයුතු අතරමග නතර වී තිබෙන බව ඉරිදා ලංකාදීපය මීට ඉහතදී තොරතුරු වාර්තා කළේ ය.
මෙම ව්‍යාපෘතියට අදාළ මුල් ගිවිසුමට ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුර 2025 දී අස්සන් තැබුණු අතර පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ආයෝජන තත්ත්වය පිළිබඳ නිකුත් කරන ලද වාර්තාවේ ද (2026 Sri Lanka Investment Climate Statement) ඒ ගැන සඳහනක් තිබිණි.
එහි දැක්වෙන්නේ 2025 ජනවාරිවලදී ජනාධිපති අනුර දිසානායක යෝජිත ඩොලර් බිලියන 3.5 ක ආයෝජනයක් සහිත චීන සයිනොපෙක් තෙල් පිරිපහදුවට අදාළ ගිවිසුම් කටයුතු අවසන් කරන බවට ප්‍රතිඥා දුන්න ද ශ්‍රී ලංකා රජය සහ සයිනොපෙක් සමාගම අතර අවසන් එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් 2026 වසරේ ජූනි වන විටත් අවසාන ගිවිසුමට අස්සන් තැබීමට නොහැකි වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd