සුජිත් හේවාජුලිගේ
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් නොතීසි බාරදී ඇති බලශක්ති හිටපු ඇමති කුමාර ජයකොඩි ඇතුළු ප්‍රධානීන් 18 දෙනාගෙන් සිවු දෙනකු එම චෝදනා සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇතැයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
තවත් පිරිසක් එලෙස කරුණු ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා ඇතැයි වාර්තාවේ. චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කොමිසම ඔවුනට සිකුරාදා (09) දිනය දක්වා කල් ලබාදී තිබිණ.
එසේම තමන් කැමතිනම් කොමිසම හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දෙන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේගෙන්ද කොමිසම පසුගිය බදාදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
කොමිසමේ විමර්ශන කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර වාර්තාව මේ මස අග ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd