IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්

වියදම කෝටි දහතුනක්

සුජිත් හේවාජූලිගේ


පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.

එකම කාරණයක් වෙනුවෙන් විවාද වැඩිම සංඛ්‍යාවක් පැවැත් වූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව පැවසේ. එම විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් වූ දින 11 වෙනුවෙන් රුපියල් දහතුන් කෝටි විසි ලක්ෂයක පමණ මුදලක් වැයකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙයට අමතරව එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ දී වරින් වරින් වර  ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවක් මතුකර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එම විවාදය පවත්වා තිබුණේ 2019 මැයි 7, 2019 මැයි 8, 2019 මැයි 10, 2021 මාර්තු 10, 2021 මාර්තු 25, 2021 මාර්තු 26, 2021 අප්‍රේල් 7, 2021 අප්‍රේල් 8, 2021 අප්‍රේල් 9, 2023 සැප්තැම්බර් 21 සහ 2023 සැප්තැම්බර් 22 යන දිනවලදීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් දින තුනක විවාදයක් ලබන 24, 25 සහ 26 දිනවල පැවැත්වීමට නියමිතය.
විවාද පැවැත්වුවත් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණයක් තවමත් ඉටුවී නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරැතුමෝ පසුගිය දා ප්‍රකාශ කළහ.



අදහස් (0)

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්

ඔබේ අදහස් එවන්න

පුවත්

රෝහල් සේවා කඩාවැටීම තවත් උග්‍ර වෙද්දී සීමාවාසික පුහුණුව අවසන් කළ 1400ක් පෝලිමේ
2024 ජුනි මස 15 63 0

වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් ඇති වී තිබියදීත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1390 ක් වෛද්‍ය සේවයට බඳවාගැනීම් දිගි


තෙල් මිල අඩු වීමේ වාසිය පිල්ලි ගිහින් උද්ධමනයට හේතුව එයයි මහාචාර්ය වසන්ත අතුකෝරළ
2024 ජුනි මස 15 59 0

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය පූර්ණ වශයෙන් මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනා


බොරු පැමිණිල්ලක් කළේ යැයි උද්දිකට චෝදනා වෙඩි තැබීම සඳහා ස.පො. අධිකාරී පැමිණ ඇත්තේ තමන්ගේම රථයෙන්මයි
2024 ජුනි මස 15 50 0

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී ඔහුගේ මෝටර් රථයට ඔහුගේම සූක්ෂ්ම සැලැස්මකට අනුව සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේද සහාය ඇත


තැපෑලේ පුරප්පාඩු හත්දහසක්
2024 ජුනි මස 15 17 0

දීර්ඝ කාලයක් තිස්සේ තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා නොගැනීම නිසා පුරප්පාඩු 7000 ක් ඇති වී තිබෙන බව තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ච


ගිනි ආරක්ෂණ කොන්ත්‍රාත්කරුගේ අසාර්ථකත්වයෙන් කටුගෙයි පාඩුව නව කෝටියයි
2024 ජුනි මස 15 33 0

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවකුට පැවරීමෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුව



මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3042 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2491 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site