IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

ඉන්දික හේවාවිතාරණ


යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න වත්කම් ප්‍රමාණයක්  පෞද්ගලීකරණය විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මෙම කෙටුම්පත හරහා යෝජනා කර තිබෙන ආකාරයට තාප විදුලිබලාගාර, සුළං බලාගාර ඇතුළු සම්පත් විශාල ප්‍රමාණයක් රජයට අහිමි වී යා හැකි බවත්, මේ නිසා මෙම සම්පත් රජය සතුව තිබෙන ආකාරයට හා සේවක හා පාරිභෝගික අයිතීන් සුරක්ෂිත වන ආකාරයට කෙටුම්පත සකස් විය යුතු බවත් එම සංගමයේ සමලේකම් ඉංජිනේරු  බුද්ධික විජේවර්ධන මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලය විසින් අදාළ කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී තිබෙන නිසා රටට හිතකර ආකාරයට මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සතිය තුළ යෝජනාවක් භාර දීමට සැලසුම් කර තිබෙන බව ද හෙතෙම පවසා සිටියේය.
විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් 12කට පැවරීමට සැලසුම් කර තිබෙන බවත්, පනත් සම්මත වී මාස 06 ක කාලයක් තුළ විදුලිබල මණ්ඩලය අහෝසි කර අදාළ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම කටයුතු සිදුකිරීමට මාස 06 ක කාලය ප්‍රමාණවත් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
මණ්ඩලය අහෝසි කිරීමෙන් පසු සේවකයන් බෙදා වෙන් කිරීම, කාර්යයන් බෙදා වෙන් කිරීම, සම්පත් බෙදා වෙන් කිරීම ආදී විශාල වගකිවයුතු කාර්යයන් රාශියක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත්, ඒ සඳහා මාස 06 ක කාලය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පවසා සිටියේය.
විදුලිබල මණ්ඩලයේ දැනට සේවය කරන සේවකයන් විසිතුන් දහසකට අධික පිරිසකගේ වැටුප් ගැන සඳහන් කර තිබුණත් සේවකයන්ට ලබා දෙන දීමනා ගැන සඳහනක් නොමැති බවත්, මේ නිසා සේවක ප්‍රතිලාභ පිළිබඳව ගැටලු‍ ඇති විය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
 ඉහත කරුණු සැලකීමේ දී යෝජිත පනත් කෙටුම්පත හරහා කිහිප දෙනෙකුට ප්‍රතිලාභ හිමි වීමේ අවස්ථාව විවර වන බවත්, මේ අනුව රටේ ජනතාවට අධික මිලකට විදුලිය මිලදී ගැනීමට පවා සිදුවිය හැකි බවත්, මේ නිසා සේවක අයිතින් සුරක්ෂිත කර ගැනීමට හා පාරිභෝගික ජනතාව රැක ගැනීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග ගන්නා බවත් සමලේකම්වරයා සඳහන් කළේය.

 



අදහස් (0)

යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site