සුජිත් හේවාජුලිගේ
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි, සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලිනි.
මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණ ද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව වාර්තා වේ දැක්වේ.
යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබා දීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.
එසේම දුන්හිඳ ඇල්ල ආශ්‍රිතව පරිසර හිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්